නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ඒක කැඩෙන්නේ? කොල්ලෝ විතරක් කියවන්න


Frenulum කියන්නේ එහෙමත් නැත්නම් නූල කියන්නේ මොකක්ද කියලා... Frenulum එහෙමත් නැත්නම් වාගිකාව කියන්නේ මිනිස් ශරීරයේ පවතින එහා මෙහා චලනය වෙන ඉන්ද්‍රියක චලනයන් සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක්.. වාගිකා ගත්තම ශරීරයේ තැන් ගොඩක මෙහෙම වාගිකා පිහිටලා තියනවා... මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව.. දිව පොඩ්ඩක් උස්සලා බලද්දි දිව යට පැත්ත යට තල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ කුඩා පටියක් වගේ කොටසකින් නේද..? අන්න ඒකත් ඔය වාගිකාවක් තමයි..නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට.. මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ.. නූල ගැන දන්නේ නැති උන් ඔන්න බලාගනියව්... පහලින් පින්තූරයක් දාන්නම්..
Penisfrenulum.jpg


 මේ නූල ගත්තාම මේක ටිකක් ඇදෙන සුලු ඉලාස්ටික් ගතියකින් සමන්විතයි..පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ටිකක් ඇදීමකට ලක් වෙනවා... ඒ වගේම මේක ශිෂ්ණය සාමාන්‍යය පිහි‍ටුමේ තියෙද්දි කොටසක් ශිෂ්ණ බඳ කොටසට (Shaft) සම්බන්ධව පිහිටනවා.. අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් නූල කියන එක ගත්තාම වැදගත් වෙන රෝගී තත්වයක් තියනවා...ඒකට කියන්නේ Frenulum breve කියලා..  Frenulum breve කියලා කියන්නේ නූල කෙටි වීම.. ඒ කියන්නේ නූල දිගින් අඩු නිසා පෙර සම පස්සට ඇද්දම ශිෂ්ණ මුණ්ඩයෙන් පහලට ගියත් කෙටි නූල් කොටසක් තියෙන නිසා ශිෂ්ණ මුණ්ඩ කොටස ඇද වීමකට ලක් වෙනවා... පහළින් දාලා තියෙන රූපේ බලාගන්න එතකොට තවත් අවබෝධ වේවි..Frenulumbreve.jpg
පේනවා නේද ඇඹරිලා තියෙන හැටි.. මෙහෙම වෙනවා නම් සංසර්ගයේදි ගැටලු මතු වෙන්න පුලුවන්... ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා.. අපි එහෙනම් බලමු මේකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා...

සරළවම කරන්න පුලුවන් දේ තමයි ඇදීමේ ව්‍යයායාම (Stretching Exercises) කීරීම.. ඒ කිව්වේ පෙර සම ටිකෙන් ටික පස්සට අදිමින් අත හරිමින් එක දිගට දින කිහිපයක් කිරීම.. එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්...

මීට අමතරව 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය නූල කොටස මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන්... මොකද ඔය Steroids Cream එකෙන් කරන්නේ එම කොටසේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා.. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ.. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා.. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට.. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ.. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි.. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර.. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..

ඒ නිසා හොඳම ප්‍රතිකාරය තමයි හෙමි හෙමීට දවසින් දවස ටික ටික පස්සට අදින එක (Stretching exercises). නමුත් එහෙම කරලා හරි යන්නෙ නැත්නම් Steroids Cream ගාන එකට වඩා හොඳයි ශල්‍යය වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා ලැජ්ජ නොවී ප්‍රශ්ණේ කියලා පොඩි සැත්කමක් කරගන්න එක ...

මේ සඳහා කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියනවා...  එකක් තමයි Frenuloplasty කියන ක්‍රියා පිළිවෙත.. මේකෙදි කරන්නේ V හැඩයට ඔය නූලේ පොඩි කැපුමක් කරලා ඒකේ දිග සෙන්ටිමීටර් 1 cm කින් හෝ 1.5 cm කින් දිග වැඩි කිරීම කරනවා... එහෙමත් නැත්නම් Frenectomy කියන සැත්කම මඟින් සම්පූර්ණයෙන්ම මෙම නූල කොටස ඉවත් කිරීමක් කරනවා... එහෙමත් නැත්නම් Circumcision හෙවත් සුන්නත් කිරීම සරලව කියනවානම් කොන කැපීම  කියන සැත්කම කරනවා Frenectomy සමග.. නමුත් Circumcision කියන සැත්කම දැන් යල් පැන ගිය ක්‍රමයක් විදිහට තමයි සළකන්නේ.. මොකද ඒක නිසා වෙන්න පුලුවන් සංකූලතා (Complications) තත්ත්වයන් වැඩි නිසා..

ඔය නූල කියන කොටස ලිංගික එකතු වීමකදී යෝනිමාර්ගයේ ඇතිල්ලීමක් සිදුවීමත් සමග මහත් පල මහත් ආශ්වාදයක් ලැබෙනවා  කියලා කියන නිසා Frenectomy කියන සැත්කමත් කරන්නේ Frenuloplasty කියන ක්‍රමය අසාර්ථකයිනම් තමයි බොහෝ විට.. නූල ඉවත් කලාම ඉතින් මෙහෙම තමයි තියෙන්නේ...
penis-split-frenulum.jpg


මොකක්ද මේ නූල කැඩෙනවා කියන්නේ..??

මේකනම් කට්ටිය අනිවා අහන ප්‍රශ්නයක්නේ.. කියන්න ඕනේ ටික දැන් ඕනෑවටත් වඩා කිව්වා.. ඒත් ලිපිය සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මේ ටිකත් දාන්නම්..  නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන..  නැත්නම් එස්ලෝන් බටයකට
අන්තිමට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. Frenulum breve කියලා කියන්නේ ශිෂ්ණයේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට අදින්න බැරි වෙන එක නෙමෙයි.. මේකේදි පෙර සම පස්සට අදින්න පුලුවන් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා.. නමුත් ශිෂ්ණ බඳ කොටසේ මද දුරක් පමණයි පස්සට අදින්න පුලුවන්.. නමුත් ශිෂ්ණයේ මුණ්ඩයෙන් පහලට පෙර සම අදින්න බැරි එක වෙනමම සිද්දියක්.. ඒකට කියන්නේ Phimosis එහෙමත් නැත්නම් පයිමෝසිස් / පීමෝසිස් කියල

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක්  උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා  මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්.

නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි . අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ . අන්න ඒ ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ .

පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ  . පසු පසට යන්න ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ . නමුත් ශිෂ්ණ මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ . මොකද මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා  . මේ විදිහට පෙර සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.

Normal penis.jpg

ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා . ඒක හෙන වැරදි මතයක් . මොකද ඔහොම පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම පස්සට යන්න . නමුත් ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ . යන්නේ බොහෝම පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ .
Phimosis.jpg
හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා .මෙම තත්වය සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ . මොකද Phimosis තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා . අපි දැන් මේ දෙක වෙන වෙනම බලමු .

1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා . කොටින්ම මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා . නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 - 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ . නමුත් පෙම්වතා පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා  පත්තර වලට ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ  ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි . ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ . ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව . මෙන්න මෙහෙම තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම .

Phimosis.jpg


එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ . ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න . නමුත් දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා . ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි කිව්වොතින්  ඒ වෛද්‍යයවරයා යල් පැන ගිය කෙනෙක් . මොකද සාමාන්‍යය (Phimosis)

තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ . යම් කෙනෙක් එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක් . මොකද අවුරුදු 18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින්   මාස 6 ක් වගේ යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ .මොකද ඉතාමත් සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම ඔය හම්බයන්ගේ වගේ එලියට නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා . නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා . නමුත් එයින් සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ.එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක . මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන් . Stretching Exercise .

මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන් ... මොකද ඔය Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා .. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ .. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා .. හැබැයි රජෝ මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට .. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ .. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි ... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි .. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර .. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..

මීට අමතරව Preputioplasty කියලා  බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා . මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න .

ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම්  අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම .

2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ . ඒ වගේම මේක රෝගී තත්වයක් . මේකෙදි වෙන්නේ පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම . ඝන වීමකට ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා  . ඒ වගේම දැනටමත් පෙර සම පසු පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන් .

මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි . BXO තත්වය ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට . ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන් . මේ පහලින් තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක් .

BXO.jpg

මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම විසඳුම තමයි සුන්නත් කිරීම . කලින් කිව්ව අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ .

Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා . මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක . ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු .ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ . ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා .ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම් . මෙන්න මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ .paraphimosis.jpg

Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා . මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම . එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ පිහිට තමයි ගන්න වෙන්නේ

Stretching Exercises මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් , ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම්  ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි . නමුත් එහෙම බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම ශිෂ්ණයේ හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න ප්‍රජෝජනවත් . හොඳම දේ තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි තියෙන කුණු ගඳට . ඒක නිසා ඕක පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.

1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා . මම ආයේ කියනවා පසු පසට නෙමෙයි ඉදිරියට . එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න .

2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද . ලාබ එකක් ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර .

3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න .

4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න . ඇතුලට අත ඔබලා ඔව්ව කරන්න යන්න එපා තුවාල වෙන්න පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් .5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න . ආයේ කියනවා යන්තමට කැක්කුම එනකන් විතරයි . දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් . එහෙම යන්තම් කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ නැවත අත හරින්න.



6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න  . මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව .

මේකට ඉවසීම තියෙන්න ඕනේ . අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න . හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි . එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි . අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන්  . මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක . එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන්

ඔබේ පියයුරු,තට්ටම් හා පුරුෂ ලිංගය ස්වභාවිකවම විශාල කර ගන්න.මෙන්න ක්‍රමේ...



අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක් නැත. ඇතැම් විටක ඔබද මෙම පිරිසෙන් කෙනෙකු විය හැකිය. ඔබේ පියයුරු කිසිම බාහිර අනතුරු නොමැතිව විශාල කර ගැනීමට මේ තමයි ආරක්ෂිතම විදිය.
මුලින්, ඔබ එක් පියයුරක් එක් විටක මසාජ් කරන්න ආරම්භ කරන්න. ඔයාගෙ වම් පැත්තෙන් ආරම්භ කරන්න. මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍‍්‍රීම් එකක් ආලේප කරන්න හොදින් තණ පුඩුව ආසන්නයේ හෝ තණ පුඩුව මත ගැල්වීමෙන් වලකින්න. දැන් හොදින් අතුල්ලන්න එම තෙල් හෝ ක්‍රීම් එක් හොදින් පදම් වෙනකම් දැන්, ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහල කොටසෙ මුල්ම හරියෙන්. ඉන්පසු, සෙමින් ඉදිරියට අත තල්ලු කරන්න, ලාවට තද කරන්ම එහෙම කර ඔබේ පපුවෙහි මැද ‍කොටසට ආ පසු තද තරන් ඉන්න. ඊ‍ට පස්සෙ, ඔයාගෙ වම් අත අරගෙන ඒ පියයුරෙහිම වම් පැත්තෙන් තබා ගන්න. ඔබේ මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිත කරමින්, පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට පසාජ් කරන්න ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මේ මසජ් ක්‍රමය දිනපතාම උදේට කරන්න.
ඒ වගේම මෙය කරගෙන යන අතර තුර ඔබ ඊස්ටර්ජන් හෝමෝනය අධික ආහාර ද ආහාරයට ගත යුතුයි.
මෙම හෝමෝනය අධික ආහාර මෙසේයි හණ ඇට ටෝෆු සෝයා බෝංචි ඇට සෝයා යෝගට් තල ඇට ඉහත ආහාර හැකි තරම් ආහාරයට ගන්න ඉහත මසාජ් කිරීම නවත්වන්නත් එපා. මෙම ක්‍‍්‍රියාවලිය ආරම්භ කරන විට ඔබේ පියයුරු වල පැහැදිලි ඡුුායාරූපයක් ගන්න. මාස 6ක් මෙම මසාජ් එක කිරීමෙන් හා මෙම ආහාර භාවිතයෙන් අනතුරුව නැවත ඡුුායාරූපයක් ගෙන සංසංදනය කර බලන්න වෙනස. මෙය වසර කිහිපයක් ඔබට ඇතැම් විට සිදු කිරීමට සිදු වේවි. නමුත් ප‍‍්‍රත්ඵල අති විශිෂ්ට වේවි.










ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර ක්‍රම 5ක්

ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර ක්‍රම 5ක්

ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර ක්‍රම 5ක්

ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමයි මේ ලිපිය වෙන්වන්නේ.



ක්ෂණික මෝචනය යනු,

කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය පාලනය කර ගැනීමට පිරිමියාට නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්‌ටමේ ක්‌ෂණික මෝචනයක්‌ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම,

මෙම ක්‌ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක්‌ම තිබෙනවා. නමුත් ඒවා ලබා දෙන්නේ මතුවෙලා තිබෙන ගැටලුවට අනුවයි.
ශාරීරික රෝගී තත්ත්වයක්‌ නිසා ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත්. මෙම රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්‌ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වනවා.
ප්‍රාණවත් වීමේ අඩුවක්‌ ඇති විටදී ද ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නට පුළුවන්. එවන් අවස්‌ථාවකදී එම ගැටලුවට හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම කළ යුතුයි.
ඊට අමතරව,


මානසික උපදේශනය
නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්‍ෂණික මෝචනය ඇතිවන්නට පුළුවන්.  මේවා මානසික රෝග නෙවෙයි. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම, වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම්, තමාගේ ලිංගික හැකියාව අවතක්‌සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු මෙයට බලපානවානිසි උපදේශනයක් මගින් මෙවන් තත්ත්ව මග හරවා ගත හැකියි.
ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්

ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිරිමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුයි.  එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්‌මනින් ශුක්‍රානු පිටවීමට බලපානවා. එයට ප්‍රතිකර්මය තමයි නිසි ඉරියව් අනුගමනය කිරීම.
ඖෂධ
ඉක්‌මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග තිබෙනවා. ඒ වගේම ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන කොන්ඩම් වර්ගද දැන් වෙළෙඳපොළෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේ සැම එකක්ම හිතුමතේ භාවිතයට නොගෙන වෛද්‍ය උපදෙස් මතම ලබා ගැනීම අනිවාර්ය බව ඔබ මතක තබා ගත යුතුයි.
Image

පෙර සම කැපීම හා පෙර සම කැපූ ලිගුව ඇත්තෙන්ම කාන්තාවන්ට ආස්වාදජනකද?



Image

ශුක්‍රාණු ගැන ඔබ නොදත් දේවල් 5ක් කොල්ලෙක් නම් අනිවා බලන්න



Image

කාන්තා පියයුරුවලට පිරිමින් මේ හැටි කැමති ඇයි? – නියම හේතුව මෙන්න


කාන්තා පියයුරුවල ප්‍රධානම කාර්යය වන්නේ ළදරුවෙක් පෝෂණය කිරීමට

 මව් කිරි ලබාදීම ලෙස සැලකුවත් ලිංගික හැඟීම් උද්දීපනය ද පියයුරුවල මූලික කාර්යයක් ලෙස පිළිගැනෙනවා. ‘නිරුවත් වානරයා’ පො
ත රචනා කළ ඩෙස්මන්ඩ් මොරිස් පවසන්නේ පියයුරුවල එකම කාර්යය මව් කිරි ලබා දීම නම් ඒවා අනෙක් සතුන්ගේ මෙන් වඩා දිගැටි හැඩයට පිහිටා තිබිය යුතු බවයි.
ළදරුවා තනපුඩුවලින් කිරි උරා බොන විට මවගේ මොළයෙන් ‘ඔක්සිටොසින්’ හෝර්මෝනය ශ්‍රාවය වනවා. මේ  හෝර්මෝනය ‘ආදර හෝර්මෝනය’ ලෙසත්  හැඳින්වෙනවා. මෙහිදී සිදුවන්නේ ඔක්සිටොසින් ශ්‍රාවය වීම නිසා කිරි දෙන මවත් කිරි උරා බොන ළදරුවාත් අතර දැඩි  බැඳීමක් ඇතිවීමයි. ළදරුවා කිරි උරාබොන සම්පූර්ණ කාලසීමාව තුලදී මවට ඔහු කෙරෙහි වැඩි අවධානයෙන් සිටීමටත් මෙම හෝර්මෝනය තමයි උපකාරී වන්නේ.
ඉතින් ලිංගික කටයුතුවලදී තනපුඩු උත්තේජනය මගින් ද ඉහත ආකාරයේ බලපෑමක් ඇතිවන බවයි ඇතැම් පර්යේෂකයන් මත පල කරන්නේ. එවිට එම කාන්තාවට තම සහකරුවා සමඟ වඩාත් ප්‍රේමණීය ඇසුරක් ලබා ගත හැකියි. එය දෙදෙනා අතර ඇති බැඳීම සහ ආදරයද වර්ධනය කරනු ලබන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.
පිරිමින් කාන්තා පියයුරුවලට ආකර්ෂණය වීමට මෙම කාරණාව දැඩිව බලපාන බව තමයි ඒ පර්යේෂකයන් පවසා සිටින්නේ.
Image

පිරිමි ලිගුව ලොකු කරන්න දූරියන්


ලිගුව කුඩා වීම නිසා බොහෝ පිරිමින් මනසින් පීඩා විදිනවා. අද අපි කියලා දෙන්න යන්නේ පිරිමි ලිගුව ලොකු කරගන්න හොද කෑමක් ගැන. ඒ දූරියන්. බොහෝ දෙනෙක් දූරියන් කෑමට ප්රියතාවක් දක්වනවා. නමුත් ඒහි ඇති දුගන්ධය නිසා තවත් සමහරක් අය අප්රිය කරයි. 



හොදින් කහ පැහැවන තෙක් ඉදුනු දූරියන් දිගු කාලීනව ආහාරයට ගැනීමෙන් පිරිමි ලිගුව දිගු වන බවයි පර්යේෂකයන් පවසන්නේ.. ඒසේම කිසිම අතුරු ප්රතිපලයන් නැති බැවින් මෙය ඉතාමත් හොද ස්වභාවික ඛෙහෙත් බව පැවසිය හැක. ඒහෙනම් අදම ඔබත් දූරියන් ආහාරයට අරගෙන කතාව ඇත්තද බලන්න.. 

Image

ලෝ ප‍්‍රසිද්ද කොන්ඩම් සමාගමක් ලංකාව ගැන හැදු ඇඩි එක..... [Video]



ලොව ප‍්‍රමුඛ පෙලේ උපත් පාලන කොපු නිෂ්පාදන සමාගමක් විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන ලද වෙළඳ දැන්වීමකි මේ.

Image

First time කන්‍යාබව නොබිදෙන්න පුළුවන්


ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයන් අපට බැහැර කළ නොහැක. එහෙත් කන්‍යා පටලය (කුමරි පටලය - Hymen) පිළිබඳව විද්‍යාත්මකව හැදෑරී

මේදී පෙනී යන ප්‍රධානම කරුණක් වන්නේ කන්‍යා පටලය පිළිබඳව තවමත් ලාංකික සමාජය තුළ 
ඇත්තේ මිත්‍යා මතයන් රැසක් බවයි.
මෙම මිත්‍යා මත නිසා බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවද නොරහසකි. කාන්තාවකගේ කන්‍යා පටලය පිළිබඳව දිග හැරෙන මෙම ලිපියට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ශී‍්‍ර ලංකාවේ වෙසෙන බොහෝදෙනෙක් කන්‍යා පටලය පිළිබඳව වැඩි අවධානයකින් සිටින බව පෙනෙනවා. නමුත් මේ කන්‍යා පටලය පිළිබඳව පැතිර තිබෙන මති මතාන්තර බොහොමයක් මිත්‍යා මතයන් වෙනවා.
විවිධ ඝනකමින් යුත් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිටත විවරයේ සිට සෙන්ටිමීටර් 1/2 පමණ ඇතුළතින් පිහිටා තිබෙනවා.
sex-edu-2
කන්‍යා පටලය මැද පිහිටි සිදුර ගෝලාකාර, ඕවලාකාර, පැල්මක් ලෙස, සිදුරු කිහිපයක් සහිත දැලක් ලෙස, හෝ මලක් සේ රැලි සහිත සිදුරක් ලෙස පිහිටා තිබිය හැකියි. කන්‍යා පටලයේ ප්‍රමාණය මැද ඇති සිදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. තුනී, කැඩෙන සුළු සාමාන්‍ය ලෙස ඝනකමින් යුත්, ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යා පටල දැකිය හැකියි.
කලාතුරකින් සමහර ගැහැණු ළමුන්ට කන්‍යා පටල උපතේදී නොපිහිටන අතර සමහර දරුවන්ගේ කන්‍යා පටලය ඝනකමින් වැඩි වෙනවා. එමෙන්ම තුනී ඇදෙන සුළු කන්‍යා පටලයද මැද රැලිවලින් යුත් සිදුරක් සහිත ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යාපටල සංසර්ගයේදී බිදී නොයාමට ඉඩකඩ තිබෙනවා. ඝනකම කන්‍යා පටල පිහිටි ගැහැණු ළමුන්ගේ කන්‍යා පටල ඉවත් කිරීම සඳහා නිර්වින්දන තත්ත්ව යටතේ ශල්‍යකර්ම සිදු කිරිමටද සිදුවෙනවා.
එමෙන්ම සමහර ගැහැනු දරුවන්ගේ කන්‍යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීමටද හැකියාව තිබෙනවා. එවැනි කාන්තාවන්ටද පළමු සංසර්යේදී රුධිර පිටවීමක් සිදුවන්නේ නැහැ. කන්‍යා පටලය ඉරී ගිය ස්ථානයේ රුධිර නාල නොතිබුණා නම් හෝ එම ස්ථානය තුනී නම් පැහැදිලි රුධිර ගලනයක් දැකිය හැකි වන්නේ නැහැ.
කන්‍යා පටලය ඉතා තුනී ගැහැණු දරුවන් බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, ගස් නැගීම වැනි ක්‍රියාවන්වලදී නොදැනුවත්වම කන්‍යා පටලය ඉරී යාමකට ලක්විය හැකියි.
කන්‍යාවක් Virgin නම් මධුසමයේ ප්‍රථම රාත්‍රියේදී සිදුවන ප්‍රථම යෝනි සංසර්ගයේදී කන්‍යා පටලය බිදී රුධිර ගලනයක් සිදුවිය යුතු බව බොහෝ අයගේ මතයක් වෙනවා. එහෙත් එය ඉතාම වැරදි මතයක් වෙනවා. අප කළ සමීක්ෂණවලට අනුව ලංකාවේ කන්‍යාවන්ගෙන් තුනෙන් පංගුවකට ප්‍රථම සංසර්ගයේදී රුධිර ගලනයක් සිදු නොවූ බවට වාර්තා වුණා.
sex-edu-1
ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ඔසප් වීම හෙවත් ආර්තවය මසකට වරක් සිදුවෙනවා. ගර්භාෂයෙන් මසකට වරක් පිටවන රුධිරය එහි ගෙල හරහා යෝනි මාර්ගයට පැමිණ කන්‍යා පටලයේ සිදුර තුළින් පිටතට ගලා එනවා. මේ සඳහා එම පටලයේ පවතින සිදුර හොඳටම ප්‍රමාණවත් වෙනවා.
කන්‍යා පටලයක් නැති කෙනෙකුට අලුතින් කන්‍යා පටලයක් සවි කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් ඝනකමට පිහිටි කන්‍යා පටලයක් ඉරී ඇත්තේ එක තැනකින් හෝ දෙතැනකින් පමණක් නම් එය ඉතා සියුම් සැත්කමකින් දියවන සුළු මැහුම් යොදා නිවැරදි කළ හැකියි.
කන්‍යා පටලයේ ස්වභාවය හා එහි පිහිටීම ලිතොටොමී ඉරියව්ව (Lithotomy Position) ට පැමිණීමෙන් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. එය වෛද්‍යවරයෙකු ලවා හෝ තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.
කන්‍යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.
පිරිමියා විසින් මුදා හරිනු ලබන ශූක්‍රානු යෝනි ස්‍රාවය සමඟ එකතු වී කන්‍යා පටලයේ සිදුර හරහා පීනා ගොස් යෝනි මාර්ගයට ඇතුලු වීමෙන් පසු පැලෝපීය නාලයේදී ඩිම්බයක් සමඟ සංසේචනයෙන් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.

Image

දවසකට කී වතාවක් සෙක්ස් හැගීම් එනවද ?


ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි.මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක.



අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි.මේ අනුව අප අවදියෙන් සිටින කාලය ඇතුළත දිනකට දල වශයෙන් පිරිමියෙකු ලිංගික කාර්යය ගැන සිතන වාර ගණන 7200 ක් පමණ වේ.
ඇත්ත වශයෙන්ම ඔබට දවසක් පුරා පහළ වන සිතුවිලි තවත් කෙනෙකුට ගණනය කළ හැකි දෙයක්ද?
එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් මෙය සිදු කළේ මේ ආකාරයටයි.
තෝරා ගත් සිසුන් 283 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදා වෙන් කර කුඩා උපකරණයක් ඔවුන් හැම කෙනෙකුට ම ලබා දුන්ණේය.මෙම සිසුන් කළ යුත්තේ ලිංගික කාර්යය, නින්ද හෝ ආහාර පිළිබඳව සිතුවිල්ලක් ඇති වන සෑම මොහොතකම ඉහත කී උපකරණයේ අදාළ බොත්තම එබීමයි.මෙම සමීක්ෂණයට සහභාගී වූ ශිෂ්‍යයන්ට ලිංගික කාර්යය පිළිබඳව සිතුවිලි පහළ වී ඇත්තේ දිනකට දහනම වතාවකි. (සාමාන්‍ය අගය)නමුත් ශිෂ්‍යාවන් ඒ පිළිබඳව සිතා ඇත්තේ දිනකට දස වතාවක් පමණි.
එමෙන්ම ආහාර සහ නින්ද ගැනද වැඩියෙන් ම සිතා ඇත්තේ පිරිමි පාර්ශවය යි.
ඉන් පෙනී යන්නේ පිරිමින්ට එවැනි සිතිවිලි වැඩියෙන් පහළ වීම විය හැක. එසේ නොමැති නම් අපැහැදිලි සිතුවිල්ලක් පවා වාර්තා කිරීමට පිරිමින් පෙළඹුනා විය හැකිය.
රාගික අදහසක් පහල වූ බවට අඩුම වාර ගණන වාර්තා වී ඇත්තේ දිනකට එක් වතාවක් වන අතර වැඩිම වාර ගණන ලෙස 388 වතාවක් බොත්තම එබූ පුද්ගලයා ලැයිස්තුවේ ඉහළින්ම සිටියි. මොහු සෑම විනාඩි දෙකකටම වරක් ඒ ගැන සිතා ඇත.
තවත් කණ්ඩායමක් මෙම සමීක්ෂණය ම සිදු කර ඇත්තේ අහඹු අවස්ථාවන් වලදී තම ජංගම දුරකථනයට දත්ත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමෙන්.
එහි දී ලැබුණු ප්‍රතිඵලයන් හි සාමාන්‍ය අගය වූයේ පුද්ගලයෙකු ලිංගික කාර්යය පිළිබඳව දිනකට හත් වතාවක් හිතන බවයි.
නමුත් යම් කෙනෙකුට උපකරණයක් ලබා දී යම් කාර්යයක් පැවරූ විට එය නිරන්තරයෙන් සිහියට පැමිණීම නොවැළැක්විය හැකි දෙයක් බවයි මෙම සමීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.
එම නිසා සෑම තත්පර හතකට ම වරක් ලිංගිකත්වය හා බැඳි සිතුවිල්ලක් පහළ වන බවට පැවසෙන වාර්තා බැහැර කළ හැකි වෙයි.
එමෙන්ම, සත්‍ය වශයෙන්ම සිතිවිලි මැන බැලීමට නිවැරදි ක්‍රම වේදයක් නොමැති බවද ඉහත කී සමීක්ෂණ කණ්ඩායම් පවසති.
Image

මංගල රාත්‍රිය වෙනුවෙන් යට ඇඳුම්තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු


ඔබේ ශරීරයේ හැඩය පිලිබඳ සැලකිලිමත් වන්න.


ඔබ තෝරාගන්නා යට ඇඳුම කුමක් වුවත් එය ඔබේ ශරීරයට ඉතා හොඳින් තදවන එමෙන්ම ඔබට සුවපහසුවක් ගෙන දෙන ඇඳුමක් විය යුතුයි.

සරාගික ඇඳුමක් තෝරාගන්න

මෙය ඔබ දෙදෙනාගේනම් හැඟීම් වඩාත් රසවත් කිරීමට හේතුවක් වේවි.

ශරීරයේ ලාලිත්‍යය කැපී පෙනෙන සුළු ඇඳුමක් තෝරාගන්න

ලේස්, සැටින් අල්ලා හැඩ ගන්වා ඇති යට ඇඳුම්, එමෙන්ම ඔබේ ශරීර වර්ණයට ගැළපෙන පැහැයක් සහිත සිනිඳු ඇඳුම් ඔබට ස්වාභාවිකවම ලැබී ඇති කාන්තා ලාලිත්‍යය වඩා ඔප් නංවාවි.


ඔබට දැරිය හැකි මිල පරාසයන්හි ඇති ඇඳුම් තෝරාගන්න.

මේ සඳහා අනවශ්‍ය ආකාරයෙන් වියදම් දැරීමට කිසිසේත්ම අවශ්‍ය නැහැ. විවිධ මිල පරාසයන්ගේ යට ඇඳුම් මේ වන විට වෙළෙඳපොලේ සුලබව දකින්නට ලැබෙනවා. ඒ අතරින් ඔබේ අයවැයට ගැළපෙන ඇඳුම් ඔබට තෝරාගත හැකියි.

ඇඳුමේ තත්වය (quality) පිලිබඳ සැලකිලිමත් වන්න.

ඇඳුම මැසීමට භාවිතා කර ඇති රෙදි හා වෙනත් අමුද්‍රව්‍ය පිලිබඳ මෙන්ම ඒවා නිසා ඔබේ ශරීරයට අපහසුවක් ඇතිවනවාද යන්න හා ඒවායේ කල් පැවැත්ම පිළිබඳවද සැලකිලිමත් වන්න.

සැමියාගේ රුචිකත්වයන් සැලකිල්ලට ගන්න.

අවසානයට සඳහන් කළත් වඩාත්ම වැදගත් වන්නේ මෙම කරුණයි. ඇඳුම් තෝරාගැනීමට ඔබ ඔහු කටුව යා යුතු නැහැ. එහෙත් ඔහු වඩාත් ප්‍රිය කරන පැහැයන් ආදී දෑ පිලිබඳ සිතා ඇඳුම් තෝරාගතහොත් මංගල රාත්‍රියේදී ඔහුව පුදුමයට පත්කිරීමට ඔබට හැකියාව ලැබේවි
Image
ඔබ යට ඇඳුම් පිටින් නින්දට නොයා යුත්තේ ඇයි?

ඔබ යට ඇඳුම් පිටින් නින්දට නොයා යුත්තේ ඇයි?



පේ රටේ සමහරු විශේෂයෙන්ම කාන්තා පාර්ශවය අතර තිබෙන පුරුද්දක් තමයි රාත්‍රියේ යනවිට යට ඇඳුම් පිටින්ම නින්දට යාම. ඇයි මේ පුරුද්ද නරකයි කියල කියන්නේ? මේ ලිපිය ලියැවෙන්නේ ඒ පිළිබඳවයි.

වෛද්‍යවරුන් පවසන ආකාරයට නිරුවතින් නින්දට යාම තමයි වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රමය වන්නේ. එහෙත් ශ්‍රී ලංකාවේ අපිට පවතින සමාජ තත්වය, නිවසේ පරිසරය ආදී බාහිර සාධක මත එසේ නින්දට යාම එතරම් ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙවෙයි. අලීසා ඩ්වෙක් නම් වෛද්‍යවරියක විසින් මෑතකදී පල කර ඇති පත්‍රිකාවකට අනුව යට ඇඳුම් ඇඳගෙන නිදා ගැනීම නිසා පහත ආකාරයේ සනීපාරක්ෂක ගැටළුවලට මුහුණ දීමේ අවදානමක් කාන්තාවන්ට තිබෙනවා. විශේෂයෙන්ම පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වයන් යටතේදී.
  • අධික ලෙස දහදිය දැමීම සහ දහදිය රැඳීම නිසා රහස් ප්‍රදේශයේ බැක්ටීරියා ආසාදන ඇති වීම.
  • කැසීම
  • බිබිලි හට ගැනීම
  • රහස් ප්‍රදේශයේ ඇතිවන අපහසුදායක තත්වය.
ඔසප්වීම නැවතී ඇති කාන්තාවන් මුහුණ දෙන තත්වයක් වන රහස් ප්‍රදේශයේ නිතර නිතර යෝනි ශ්‍රාවයන් පිටවීම නිසා ඇතිවන තෙත් සහිත ස්වභාවය රාත්‍රියේ යට ඇඳුම් ඇඳගෙන නින්දට යාම නිසා උණුසුම් සහ ඉතාම පීඩාකාරී එකක් බවට පත්වනවා.
යට ඇඳුම් පිටින් නිදට යන පුරුෂයන් මද සරු භාවයටත් පත්විය හැකි බවයි පැවසෙන්නේ. ඒ රහස් ප්‍රදේශයේ උෂ්ණත්වය අධික ලෙස රැඳීම නිසායි. එය ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලියට කිසිසේත්ම හිතකර නැහැ.
ඒ නිසා නින්දට යාමේදී විශේෂ අවස්තාවකදී හැරෙන්නට හැකි සෑම විටම යට ඇඳුම් ඇඳීමෙන් වැළකී සැහැල්ලු උඩු ඇඳුමක් ඇඳීම තමයි ඔබ කළ යුත්තේ. සුව නින්දක් මෙන්ම ඔබේ ශරීර සෞඛ්‍යයටත් එය හිතකරයි.
ඒ වගේම කාන්තාවන් නින්දෙන් අවදි වූ පසු රහස් පෙදෙස අවට ප්‍රදේශය සහ යෝනි තොල් සෝදා ගැනීමත් කළ හැකියි. අවශ්‍ය නම් ඒ සඳහා සුවඳ රහිත සබන් ද යොදා ගන්නට පුළුවන්. මෙසේ සබන් යොදාගැනීමේදී ඔබේ සමේ ස්වභාවය පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් කියායි වෛද්‍යවරුන් පවසන්නේ.
Image
යහපත් ලිංගික ජීවිතයකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 12 ක් ගැන දන්නවාද?

යහපත් ලිංගික ජීවිතයකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 12 ක් ගැන දන්නවාද?



ශ්‍රීලංකාවේ පවතින සමාජ වටපිටාව නිසා ප්‍රසිද්ධියේ පැවසීමට කැමති වුවත් යහපත් ලිංගික ජීවිතයක් යනු නිසි වයසට පැමිණි කාන්තා, පිරිමි මේ සියළු දෙනාගේම මූලික අවශ්‍යතාවක්. කෑම, බීම, හුස්ම ගැනීම වගේම අත්‍යාවශ්‍ය ඒ වගේම ඉතාම ස්වාභාවික අවශ්‍යතාවක්. යහපත් ලිංගික ජීවිතයක් ගතකිරීම මගින් සැලසෙන ප්‍රතිලාභ කිහිපයක් පහතින් දැක්වෙනවා.

1. මානසික ආතතිය සමනය වීම.

යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීම යනු මානසික ආතතිය සඳහා ඇති හොඳම විසඳුමක් ලෙසයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ. එමෙන්ම රුධිර පීඩනය නිසි මට්ටමේ තබා ගැනීමටත් එය උපකාරී වනවා.

2. යහපත් රුධිර පීඩන තත්වය.

අධි රුධිර පීඩනය හා මඳ රුධිර පීඩනය යන මේ තත්වයන් දෙකම ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැහැ. කිරීටක ධමනිය ආශ්‍රිතව ඇතිවන අවහිරතා, හෘදයාබාධ, වකුගඩු ආබාධ මෙන්ම ආඝාතය යන රෝගාබාධ වලට මූලික හේතුවක් වන්නේද රුධිර පීඩනය නිසියාකාරව නොවීමයි. යහපත් ලිංගික ජීවිතයක් ගත කිරීමෙන් ඔබේ රුධිර පීඩනයද යහපත් මට්ටමක තබා ගත හැකියි.

3. ප්‍රතිශක්තිය වැඩිවීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති අන්තමට සතියකට වරක් දෙවරක් ලිංගිකව එක්වීම ඉමියුනෝග්ලෝබුලින් ඒ (immunoglobulin A/lgA) නම් ප්‍රතිදේහය කෙරෙහි සැලකිය යුතු ඉහල මට්ටමකින් බලපෑම් කරනවා. මෙහි ඇති වාසිය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ අනෙකුත් ආසාදන වලට එරෙහිව ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමයි.

4. ලිංගික එක්වීම යනු ව්‍යායාමයක්.

වෛද්‍යවරුන් පවසන අන්දමට ශරීරයේ ශක්තිමත් බව, නම්‍යශීලී බව, සමබරතාව මෙන්ම ඔබේ හෘදයේ යහපත් ක්‍රියාකාත්රීත්වය රැකගැනීමටත් ඔබේ ලිංගික ජීවිතය උපකාරී වනවා.

5. කැලරි දහනය වීම.

පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට විනාඩි 30ක පමණ ආලිංගනයකින් ඔබේ සිරුරේ කැලරි 85කට වඩා දහනය වනවා.

6. යහපත් හෘද ක්‍රියාකාරීත්වය

රුධිර සංසරණය ක්‍රමවත් වීම නිසා හෘදයාබාධ මෙන්ම ආඝාතයෙන් වැළකීමේ ප්‍රතිලාභය ද යහපත් ලිංගික ජීවිතයක් හිමි ඔබට අත් වනවා.

7. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබීම.

ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය අතර ඇති සම්බන්ධතාව වඩා යහපත් මට්ටමකට ගෙන ඒමේ එක් වැදගත් කරුණක් වන්නේ ඔබ දෙදෙනා අතර ඇති යහපත් ලිංගික ජීවිතයයි.

8. සුව නින්දක් ලබාගැනීමට හැකිවීම.


9. කාන්තාවන්ගේ ශ්‍රෝණි මේඛලාව ආශ්‍රිත පේශි සවිමත් වීම.


10. පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම අවම වීම.


11. ආත්ම විශ්වාසය වර්ධනය වීම.


12. ඔක්සිටොසින් (oxytocin) හෙවත් ආදර හෝමෝනය

ලිංගිකව එක්වීමේදී මෙම හෝර්මෝනය ශ්‍රාවය වීම වැඩි වන නිසා ඒ තුලින් ඔබ හා ඔබේ සහකරු/සහකාරිය අතර වඩා සමීප බැඳීමක් ඇති වනවා. මෙම හෝර්මෝනය යහපත් හැඟීම් හා දැඩිව සම්බන්ධකම් දක්වන බව විද්‍යාඥයන් පවසනවා.

මේ සියල්ලමත් සමඟ පැවසිය යුතු වැදගත්ම කරුණ වන්නේ සමාජ රෝග වැළඳීමේ අවදානමක් ඇති මෙවන් සමයක ඔබ විසින් ඔබේ ලිංගික කටයුතු විශ්වාසවන්ත සහකරුවෙකුට/සහකාරියකට සීමා කළ යුතු බවයි. එය ඔබේ සමාජ තත්වයට, සම්බන්ධතා ආදී මේ සෑම දෙයකටම ඉතාම වැදගත්. නැතහොත් සිදුවන්නේ නිසි දැනුමක් නොමැතිව සුළු මොහොතක සතුටක් සොයා යාම නිසා ඉදිරි ජීවිතයම අසුන්දර එකක් බවට පත්කරගැනීමටයි. මෙම තත්වයන් මග හරවා ගැනීමට ඔබේ සහකරු/සහකාරිය සමඟ ඔබේ හැඟීම්, දැනීම් ඉතා විවෘතව කතා බහ කිරීම තමයි කළ යුත්තේ.
Image